මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කෙරූ වාර්තාවක් එළි දැක්වේ

    ජූලි 18, 2014

    උතුරු පළාත් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කරන ලද වාර්තාවක් එළි දැක්වීමේ උත්සවයක් උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ හා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) යාපනයේ වේම්බඩි උසස් බාලිකා විදුහලේ දී පැවැත්විණි.

     

    උත්සවය අතරතුර උතුරු පළාත් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කරන ලද වාර්තාවේ පළමු පිටපත උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා අතින් උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට පිරිනැමිණි.

     

    මෙම උත්සවය ආඩිපිරප්පු සාම්ප්‍රදායික ගීත හා නර්තනයන්ගෙන් ආරම්භ වූ අතර ජූලි 17 වන දින හින්දු ජනතාවගේ ආඩිපිරප්පු සාම්ප්‍රදායික උත්සවයට සමගාමීව සිදු කරන ලදී. හින්දු දින දර්ශනයට අනුව ආඩිපිරප්පු සාම්ප්‍රදායී උත්සවය යනු ජූලි මාසයේ පළමු දිනය උදා වීම සැමරීමයි. ආඩි යන්නෙන් ජූලි පළමු දින අරුත් ගැන්වේ.

    උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාසා කුරුකුලරාසා මහතා, උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා, උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එස්. සත්‍යසීලන් ඇතුළු උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    Jaffna book launchJaffna book launch.jpg 2Jaffna book launch.3

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya