මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි සතියට සමගාමීව මාතර තරුණ ගොවීන්ට මුදල් ආධාර

    ජූලි 19, 2014

    සැප්තැම්බර් 09 සිට 15 දක්වා මාතර, තෙලිජ්ජවිල කෘෂිකර්ම සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව මාතර තරුණ ගොවීන් 100 දෙනෙකුට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 50ක් ප්‍රදානය කළ බව එම අමාත්‍යාංශය පවසයි.


    මාතර දිස්ත‍්‍රික්කයේ වාණිජ ගොවිපොළ වැඩසටහන යටතේ තෝරාගත් ගොවීන් 100 දෙනෙකුට ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මේ යටතේ එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් ආධාර වශයෙන් ලබාදීමට කටයුතු යොදා ඇත. ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය සමඟ කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමින් සිටී.

     

    කෘෂි කර්මාන්තය ලාභ ලබන ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාමට ගොවීන්ව දිරිමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් විශේෂ වැඩපිළිවෙළ වන්නේ වාණිජ ගොවිපොළ වැඩසටහනයි. දේශීය හා විදේශීය වෙළඳපොළ අවශ්‍යතාවට ගැළපෙන උසස් ප‍්‍රමිතියෙන් යුත් බෝගල නවීන තාක්ෂණික ක‍්‍රම යටතේ අවාරයේ හා සාම්ප‍්‍රදායික නොවන ප‍්‍රදේශවල වගා කිරීමත්, සැපයුම් කෘෂිකර්මයෙන් වාණිජ කෘෂිකර්මයට ගොවීන් යොමු කිරීමත් මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි.

     

    කෘෂි කර්මාන්තයෙන් ඉවත් වන ගොවි ප‍්‍රජාව තවදුරටත් කෘෂි කර්මාන්තයේ නියැළීම තහවුරු කිරීමේ අරමුණ ඇතිව සහ ජනාධිපතිතුමාගේ  "අපි වවමු - රට නඟමු" ජාතික වැඩපිළිවෙළට අනුව කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට දිස්ත‍්‍රික් මට්ටමින් ගොවීන් වාණිජ වගා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනා ගන්නා ලදී. ඒ අනුව 2013 වසරේ දී ආරම්භ කළ වාණිජ ගොවිපොළ වැඩසටහන මේ වන විට සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙමින් තවදුරටත් ක‍්‍රියාත්මක වේ.

     

    මෙම වැඩසටහන යටතේ කෘෂිකාර්මික ඉඩම් හිමි ගොවීන්ට තාක්ෂණික සහය හා රජයේ දායකත්වය ලබාදීම මඟින් ගොවීන්ව දිරිමත් කිරීමට කටයුතු කරයි. එමඟින් ව්‍යාපාරික ගොවි ප‍්‍රජාවක් බිහිකිරීමට සහ පලතුරු, එළවළු හා අතිරේක ආහාර බෝග වාණිජ මට්ටමින් වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. වාණිජ ගොවිපොළ වැඩසටහනට සම්බන්ධ වන ගොවීන්ට කෘෂිකාර්මික තාක්ෂණය, කළමනාකරණ හැකියාව හා වෙළෙඳපොළ ස්වභාවය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා වේ. තෝරාගත් ගොවීන්ගේ ගොවිපොළ සංවර්ධනයට රජයේ දායකත්වය යටතේ ඔවුන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර ඇත.

     

    මේ වැඩසටහන හරහා වාණිජ ගොවිපොළ 440ක් පමණ හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණු ක්ෂේත‍්‍ර චාරිකා මඟින් දැනුම වර්ධනය, නව තාක්ෂණය හා කෘෂි යෙදවුම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 2014 වර්ෂයේ දී වාණිජ ගොවිපොළ 500ක් පමණ පිහිටුවීමට සහ එමඟින් දේශීය කෘෂි ආර්ථිකයට දායකත්වය ලබාදීමට සැලසුම් කර ඇත. දිස්ත‍්‍රික් මට්ටමින් හඳුනාගන්නා වාණිජ ගොවීන් සංවිධානය කොට සීමිත සමාගම් පිහිටුවීමට කටයුතු කරන අතර ඔවුන් මුහුණපාන දේශීය හා විදේශීය වෙළෙඳපොළ ගැටලු හා වෙනත් අවශ්‍යතා සඳහා මෙමඟින් පහසුකම් සැපයීමට ද සැලසුම් කර ඇත.

     

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වයෙන් වාණිජ ගොවිපොළ වැඩසටහන මේ වන විට සාර්ථකව ක‍්‍රියාත්මක වේ.  මෙය කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා ක‍්‍රියාවට නැංවෙන කාලීන වැඩපිළිවෙළක් වශයෙන් ගොවීන්ගේ ප‍්‍රශංසාවට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya