මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියගම්මල නව පාලම ජනතා අයිතියට

    ජූලි 18, 2014
    රුපියල් මිලියන 130ක වියදමින් ගිරිඋල්ල, දියගම්මල ප‍්‍රදේශයේ ඉදිකරන ලද නව පාලම විවෘත කිරීම ඊයේ (17) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී. 
     
    මීගමුව ගිරිඋල්ල මාර්ගයේ අංක 32/2 පැරණි පාලම වෙනුවට මෙම නව පාලම ඉදිකර ඇත. මේ සඳහා ප‍්‍රංශ රජය මූල්‍යමය දායකත්වය ලබාදී ඇති අතර මහාමාර්ග, වරාය හා නාවික ආමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණ කටයුතු සිදු කර තිබේ. 
     
    මෙම නව පාලමෙහි දිග අඩි 70ක් වන අතර පළල අඩි 30කි. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ප‍්‍රංශ රජයේ තානාපති ජෝන් පෝල් මොන්ෂෝ, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මහජන නියෝජිතවරු, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB
     
    HE GIRIULLA BRIG 1
     
     
    HE GIRIULLA BRIG 2
     
    HE GIRIULLA BRIG 4
     
    HE GIRIULLA BRIG 5
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya