මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ධීවර රැකියාවලට ශ්‍රී ලංකාවෙන් 10000ක්

    ජූලි 19, 2014
    කොරියාවෙන් අපේ ධීවර සම්මේලනයට ලැබුණු ධීවර රැකියා ධීවරයන්ට ලැබුණු රන් දොරටුවක් ලෙස හැඳින්විය හැකි බවත් මෙම රැකියා සඳහා යවන්නේ සැබෑ ලෙසම ධීවර කර්මාන්තය දන්නා පිරිස පමණක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අපේ ධීවරයන්ට මේ ලැබුණු වරප‍්‍රසාදය අප රැකගත යුතුයි. ඒ නිසා කොරියාවට ගොස් ඉතා හොඳින්, විශ්වාසයෙන් ධීවර රැකියාවේ යෙදෙන ලෙසත් එවිට කොරියාවෙන් තවතවත් රැකියා අවස්ථා විවර විය හැකි බවත් ධීවර අමාත්‍යවරයා විසින් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

     

    අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේ පසුගියදා බේරුවලදී කොරියාවේ රැකියා සඳහා යාමට සුදානමින් සිටින ධීවර තරුණ පිරිසක් හමු වී කරන ලද සාකච්ඡාවේදීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. “අද අප කළුතරින් ආරම්භ කරන්නේ නව ව්‍යාපෘතියක්. 2012 වසරේදී තමා කොරියාවට ගිය අවස්ථාවේදී ශ‍්‍රී ලංකා සංගමය ධීවර රැකියාවලට එන අයගේ ප‍්‍රශ්න ගැන සඳහන් කළා. ඒ අනුව ජාතික ධීවර සම්මේලනය සමඟ සාකච්ඡා කර මේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව දෙරටේ ධීවර අමාත්‍යාංශත් කොරියානු ජාතික ධීවර සම්මේලනය හා ශ්‍රී ලංකා ජාතික ධීවර සම්මේලනයත් හොඳ අවබෝධයක් තිබෙන බව සඳහන් කළේය.

     

    අපේ ධීවර සම්මේලනය ජාත්‍යන්තර පිළිගත් ලංකාවේ ශාඛාවක්. සාකච්ඡාවලින් පසු අදාළ නියෝජිතයන් අපේ රටට ගැළපෙන නියම ක්‍රමවේදයක් සකස් කළා. ඊට පසු කොරියානු ධීවර සම්මේලනයේ පිරිස ධීවර රැකියා 10,000ක් ලබා දෙන්න එකඟ වුණා. මෙහි ප්‍රථම පියවර ලෙස රැකියා 1000ක් ද පසුව එය 2500, 5000, 10,000ක් ලෙස වැඩි කරනවා. මේ පිළිබඳ ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර විසඳුමකට ආවා. සුබසාධනය අතින් ලොව අනෙකුත් රටවලට වඩා කොරියාව ඉදිරියෙන් සිටී. කොරියාව රැකියා සපයනවා පමණක් නො ව අවශ්‍ය සියලුම වරප‍්‍රසාද, වෛද්‍ය ප‍්‍රතිකාර නොමිලේ ලබා දෙනවා යැයි ද පැවසීය.

     

    මෙම සාකච්ඡාවට කොරියාවේ රැකියා සඳහා සූදානමින් සිටින ධීවර කර්මාන්තය පිළිබඳව පුහුණුව ලබා සිටින ධීවර තරුණයන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියෝ සහභාගි වී සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya