මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබාදීමේ දී මහනුවරින් ආදර්ශයක්

    ජූලි 18, 2014
    ඉදිරි කාලයේ දී මහනුවර දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාදීමේ දී හැකි සෑම විටම රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් වෙත පමණක් ඒවා ලබා දීම සුදුසු බව පසුගියදා රැස් වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කෙරිණි.


    කමිටු සාමාජිකයන් මෙම තීරණයට එළඹියේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා සම්බන්ධ ඉදිකිරීම් පිළිබඳ සිදු කරන සාකච්ඡා වාරයේදීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම රැස්වීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    රජය මඟින් සිදු කරන සංවර්ධන කටයුතුවලට අදාළ ඉදිකිරීම් හා සම්බන්ධ කොන්ත්‍රාත් ලබාදීමේ දී රජය මඟින් බොහෝ විට අනුගමනය කරන්නේ නියමිත ටෙන්ඩර් පරිපාටිය අනුව මිල ගණන් කැඳවා කොන්ත්‍රාත්කරුවන් වෙත ඒවා ප්‍රදානය කිරීමයි. මීට අමතරව ඇතැම් අවස්ථාවල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමිති සමාගම් මඟින්ද මෙම සංවර්ධන කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් ලබා ගනී. නමුත් ඇතැම් සමිති හරහා ලබා ගන්නා ඉදිකිරීම් කටයුතු සමිති හරහා සිදු නොකොට විවිධ පුද්ගලයන් විසින් උප කොන්ත්‍රාත් වශයෙන් ලබා ගෙන පුද්ගලික මට්ටමින් සිදු කරයි. 

     

    එලෙස පුද්ගලික මට්ටමෙන් කෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් ගෙවීම රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව පටහැනි බව කමිටුවේ සාමාජිකයන්ගේ මතය විය. එමෙන්ම එවැනි ඇතැම් ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳව ද සෑහීමකට පත් විය නොහැකිය. නමුත් ටෙන්ඩර් පටිපාටිය අනුව මිල ගණන් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමෙන් රජයටද සැලකිය යුතු ලාභයක් ලැබෙන බව කමිටු සාමාජිකයන්ගේ මතය විය. 

    එම නිසා ඉදිරියේ දී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලට අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාදීමේ දී රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුව මිල ගණන් කැඳවා රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් ලබා දීම සුදුසු බව කමිටුව නිර්දේශ කරන ලදී. ස්වේච්ඡා සමිති මඟින් ඉදිකිරීම් කරන්නේ නම් කිසි විටෙක උප කොන්ත්‍රාත් ලබා නොදී සමිතිය විසින්ම එය ඉටු කළ යුතු බවත් ඊට අදාළ ගිණුම් ලිපි ගොනු නිසි ලෙස පවත්වා‍ගත යුතු බවත් කමිටුවේදී තීරණය විය. 


    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya