මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් පොලොන්නරුව පවුල් සංඛ්‍යාව 40,586 දක්වා ඉහළට

    ජූලි 18, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 40,586 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ සඳහා සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ලැබී ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    දිඹුලාගල, වැලිකන්ද, හිඟුරක්ගොඩ, ලංකාපුර, මැදිරිගිරිය හා ඇළහැර  යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 110ක ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත. මෙහි පුද්ගල සංඛ්‍යාව 127,916ක් වේ. මින් ග්‍රාම නිලධාරී වසම් 56ක පවුල් 14,658 වෙත පානීය ජලය සැපයිය යුතු තත්ත්වයේ ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පානීය ජලය අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බවුසර් මඟින් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලෙකම් නිමල් අබේසිරි මහතා පැවසීය.


    මේ ප්‍රදේශවල පාසල් 10ක් ද පානීය ජල ප්‍රශ්නයට මුහුණ දී ඇති බවත් එම පාසල් පිළිබඳ ව පානීය ජලය සැපයීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ජල හිඟය හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඉඩම් 10,621ක් සහ ගොඩ ඉඩම් අක්කර 89,421ක් වගා කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. නියඟයෙන් පීඩාවට පත් පවුල් වෙත "වැඩ සඳහා මුදල් වැඩසටහන" යටතේ සහන සැලසීමට අවශ්‍ය කටයුතු කඩිනම් කොට ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya