මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඛණ්ඩ ජල සැපයුමට අනුරපුරින් විධිමත් වැඩපිළිවෙළක්

    ජූලි 18, 2014

    පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මතුවන පානීය ජල ගැටලුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අවස්ථාවක පීඩාවට පත්වීමට ඉඩ නොදෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.

     

    ඒ මහතා මේ බව පැවසුවේ, අඛණ්ඩව පානීය ජලය ලබා දීමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ 17 පැවැති රැස්වීමට එක්වෙමිනි. මෙම රැස්වීම, අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    දිස්ත්‍රික්කයේ සියලු ම ජලාශවල ජල ධාරිතාව සමස්තයක් ලෙස මේ වනවිට 33% දක්වා පහත බැස තිබේ. වියළි කාලගුණය ඉදිරියටත් පැවතුන හොත් ජනතාවට අවශ්‍ය ජල සැපයීම කෙසේ සිදුකරන්නේද යන්න පිළිබඳව මේ වන විට දිස්ත්‍රික්කයේ විශේෂ අවධානය යොමු වී තිබේ. වි‍ශේෂයෙන් ම සියලු ම ජලාශයන් හි ජල මට්ටම් මෙන්ම එම ජලයේ සුදුසු නුසුදුසු බව පිළිබඳව නිතර අවධානයෙන් සිටින ලෙස, දිසාපතිවරයා මෙහිදී  දිස්ත්‍රික්‍කයේ වාරිමාර්ග  පද්ධතිය භාර සියලු ම නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නේය.

    ප්‍රතිපාදන ගැන නොසිතා සුබසාධන කටයුත්තක් වශයෙන් හෝ දිස්ත්‍රික්කයේ ජල අර්බුදය විසඳීමට කැපවී ක්‍රියා කළ යුතු බවද දිසාපතිවරයා සඳහන් කළේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් පානීය ජලය නොමැති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ද දිස්ත්‍රික්කය තුළ මේ වන විට අරඹා තිබේ. ජල හිඟය පාලනය කරගත නොහැකි වුව හොත්, අඛණ්ඩ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මහවැලිය හරහා අක්කර අඩි 2000ක ජල ධාරිතාවක් නුවර වැව වෙත ලබාගැනීමට කටයුතු  සාකච්ඡා කළ බවද  මෙම විශේෂ හමුවට එක්වු, දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යධිකාරී, සී.සී.එච්.එස්. ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya