මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමකින් ගමකට ජංගම සේවා වැඩසටහන

    ජූලි 18, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජංගම සේවා වැඩසටහනෙහි ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙපේරුව ග්‍රාම නිලධාරි වසමේ ජංගම සේවය හීල්ඔය පුරාණ විහාරස්ථානයේ දී ඇල්ල ප්‍රාදේශීය ලේකම් සමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
     
    මෙම  ජංගම සේවා වැඩසටහනට පල්ලෙපේරුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 712කින් ගැටලු 259ක් ඉදිරිපත් විය. මෙහිදී ගැටලු 110ක් සඳහා විසඳුම් එදිනම ලබා දුන් අතර ඉදිරි කටයුතු සඳහා යොමුකළ ගැටලු සංඛ්‍යාව 148කි.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ ග්‍රාම නිලධාරී වසම් 567ක මෙම ජංගම සේවා පැවැත්වෙන අතර මේ වන විට ග්‍රාම සේවා වසම් 226ක ජංගම සේවා අවසන් වී තිබේ. මේ සඳහා සහභාගී වූ 85,968ක පිරිසකගෙන් ඉදිරිපත් වූ ගැටලු 92,749ක් අතුරින් ගැටලු 39,185ක් සඳහා එම දිනවලදීම විසඳුම් ලබාදීමට නිලධාරීන්ට හැකි විය. 
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    DB/BH
     
    03
     
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya