මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය ආපදාවට ලක්වූවන්ට සහනාධාර

    ජූලි 17, 2014
    පසුගිය සති අන්තයේ ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතු කොටගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අපදාවට ලක්වූවන්ට සහනාධාර කට්ටල බෙදාදීම සහ සහන කඳවුරු නිරීක්ෂණය කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
    විපතට පත්වූවන් සහන කඳවුරු වෙත යොමු කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලදී. 
     
    ඒ අනුව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෙත්පුර ග්‍රාසේවා වසමේ අභිනවරාමයේ පිහිටි සහන කඳවුරේ සිටින පවුල් 17ක් සහ මහපතන ග්‍රාමසේවා වසමේ  ඉසිපතනාරාමයේ පිහිටි සහන කඳවුරේ වෙසෙන පවුල් 07ක් සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්වල ග්‍රාමසේවා වසමේ මාරියම්මාන් කෝවිලේ පිහිටි සහන කඳවුරේ වෙසෙන පවුල් 33ක් පිළිබඳව ද දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක් විය.
     
    මෙම කඳවුරු තුළ වෙසෙන ආපාදාවන්ට ලක් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ දූ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පිළිබඳව මෙහි දී දිස්ත්‍රික් ලේකම්වරයාගේ විශේෂ අවධානයට ලක් විය. 
     
    එමෙන් ම මෙහිදී විපතට පත් වූ එක් පවුල් ඒකකයක් සඳහා රුපියල් 5000ක් වටිනා සහනාධාර කට්ටලයක් ලබා දීම සිදු වූ අතර ප්‍රථමාධාර කට්ටල ද ලබා දීම සිදු විය. ඔවුන්ගේ විනාශයට පත් වූ නිවාස කඩිනමින් ඉකිරීමටත් තාවකාලිකව කුඩාරම් සහ හැකි උපරිමයෙන් ආහාරපාන සහ පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලෙසට‍ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආපදා සහන සේවා ඒකකය වෙත උපදෙස් ලබා දෙන ලදී. 
     
    මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya