මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සමථ මණ්ඩල සභාපතිවරුන්ට ඇන්ඩ්‍රොයිඩ් දූරකතන

    ජූලි 17, 2014
    දීප ව්‍යාප්ත සමථ මූල මණ්ඩල සභාපතිවරුන්ට ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දූරකතන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ සමථ මූල මණ්ඩල 16ක සභාපතිවරුන් සඳහා දූරකතන ලබා දීම මාතර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා වැලිගම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී සිදු කෙරිණි. 
     
    අධිකරණ අමාත්‍යංශයේ මුදල් ප‍්‍රතිපාදන මත ලබා දෙන ලද දූරකතනවල සමස්ත වටිනාකම රුපියල් 160,000කි.
     
    දත්ත පද්ධතියක් හරහා සමථකරණ නිලධාරීන් අතර තොරතුරු හුවමාරු කරගැනීම මගින් සමථකරණ කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ අරමුණින් අධිකරණ අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇති බව මාතර දිස්ත‍්‍රික් සමථ පුහුණු නිලධාරි කීර්ති ලියනගේ මහතා පැවසීය.
     
    මේ අවස්ථාවට වැලිගම ප‍්‍රාදේශීය ලේකම් මානෙල් ලියනාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සමථ මූල මණ්ඩල සාමාජිකවරු සහභාගි වූහ.
     
    DB/TI - dmu matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya