මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 2ක් විවෘත වෙයි

    ජූලි 17, 2014
    ප්‍රාථමික පාසල් පන්දහසක ජාලයක් ශක්තිමත් කිරීම සඳහා ද්වීතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ සහ බස්නාගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිදු කෙරිණි.
     
    පරිගණක 40කින් යුත් පරිගණකාගාරයක්, පරිගණක 20කින් යුත් භාෂාගාරයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් හා දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක් යන අංගවලින් එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සමන්විතය. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වැය කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 49ක් ඉදි කෙරේ.
     
    තමන්ට අහිමි වූ ඔටුන්න තම දරුවන්ට පැළඳවීමට මේ රටේ සෑම දෙමාපියෙකුගේම අභිප්‍රාය බවත් පාසල් තුළින් දරුවන්ගේ ජීවිත නිර්මාණය වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයේ දී පැවසීය.
     
    කන්නන්ගර චින්තනය තුළින් බිහි වූ මධ්‍ය විද්‍යාලවල සෑම දරුවෙක්ම අනිවාර්යෙන් ක්‍රීඩා කළ යුතු අතර ගහකොළ සතා සිවුපාවා ගැන අවබෝධක් ඇති කිරීම සඳහා කෘෂිකර්මය කළ බවත් ලී වැඩ, ලෝහ වැඩ, යකඩ වැඩ, ඉලෙක්ට්‍රොනික වැඩ සෑම ශිෂ්‍යයෙක්ම කළ යුතු අතර වර්තමානයේ රෝල්ස්, පැටිස් බෑග් සිසුන් පාසලට ගෙන ගියත් කන්නන්ගර චින්තනය තුළ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඔප්නැංවීම සඳහා මැටි බෑගයක් ද ගෙන ගිය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    විවෘත ආර්ථික ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමත් සමඟ සියලු දෙනා මුලා කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එහිදී උපක්‍රමශීලිව ගමේ දරුවන්ට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, දිසාපතිවරුන්, ගුවන් නියමුවන් වීමට තිබූ ඉඩ අහිමි කළ බව ද සඳහන් කළේය.
     
    ලෝකයේ බලවත් රටවල් මීනීමරු ත්‍රස්තවාදය ආරක්ෂා කරමින් සිටින විටදී  දරුවන්ට බියෙන් සැකෙන් තොරව පාසල් යාමේ නිදහස උදා කර දී නගරයේ සියලු සම්පත් ගමේ දරුවන්ට ලබාදීමේ අරමුණින් මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ එකම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව අමාත්‍යවරයා  අවධාරණය කළේය.
     
    පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/KPM
     
    DERANIYAGA
     
     
    DERANIYAGALA 2
     
    DERANIYAGALA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya