මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට ඩෙංගු මදුරු පාලන සතියක්

    ජූලි 17, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම කෙරෙහි දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ අවධානය යොමු කිරීමට මේ මස 21 සිට 26 දක්වා ඩෙංගු මදුරු පාලන සතියක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    එහිදී ජනතාව දැනුවත් කිරීම සඳහා සහ මදුරු මර්දනය සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.
     
    ජුලි 21 සිට 26 දක්වා පිළිවෙළින් ආයතනික දිනය, පරිසර දිනය, පළාත් පාලන දිනය, වැඩි අවදානම් දිනය, අධ්‍යාපනික දිනය හා නේවාසික පරීක්ෂා දිනය වශයෙන් නම් කර තිබේ.
     
    ඒ අනුව ප‍්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන, ආගමික ස්ථාන, සුසාන භූමි ඇතුළු පොදු ස්ථාන, නාගරික කානු පද්ධති, ඉදිකිරීම් ස්ථාන, වැඩ බිම්, අත්හැර දැමූ ඉඩම්, මහා මාර්ග දෙපස අවදානම් කලාප, සියලුම රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන නේවාසික ස්ථාන, ළදරු පාසල් අවට පරිශ‍්‍රයන් සහ සියලු ම නිවාස පරිශ‍්‍ර පරීක්ෂා කිරීම හා පිරිසිදු කිරීම සිදු කිරීමට නියමිතය.
     
    මීට සමගාමීව දැනුවත් කිරීම් ද සිදු කෙරේ. මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය මත දිස්ත‍්‍රික් ලේකම්  කාර්යාලය හා සියලුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන මේ සඳහා සම්බන්ධ වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya