මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2005 ශ්‍රී ලාංකීය දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂයක්

    ජූලි 17, 2014
    2005 වසර ශ්‍රී ලාංකීය දේශපාලන ගමන් මගේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ මහතා මේ අදහස් පළකළේ පසුගියදා ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන “රට රකින නිල් පවුර” සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර ආසන සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
     
    සීග්‍ර සංවර්ධනමය යුගය තුළ කලාපයක් ලෙස දකුණු ආසියානු කලාපයේත්, ආසියානු කලාපයේත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නට අපට හැකිව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ඒ වගේම යටිතල පහසුකම් අංශයෙන්, සෞඛ්‍ය අංශයෙන් හා අධ්‍යාපන අංශයෙන් ඉදිරියෙන්ම ඉන්න රටක් බවට අපේ රට ඔසවා තබා තියෙන්නෙ අපේ රජය ගෙන යන මේ වැඩපිළිවෙළට පිංසිදු වෙන්න යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මහනුවර ආසන සම්මේලනයට අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, සාලින්ද දිසානායක, මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර යන මහත්වරු ද මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. 
     
    DB
     
    MP WDJ KANDY
     
     
    MP WDJ KANDY 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya