මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින්නේරිය රක්ෂිතයේ අක්කර 10ක් ගින්නෙන් විනාශ වේ

    ජූලි 17, 2014
    මින්නේරිය රක්ෂිතයේ පරාක්‍රම සමුද්‍රය කොටසේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10ක් පමණ විනාශ වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඊයේ (16) පස්වරුවේ හදිසියේ හටගත් මෙම ගින්න පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය යුද හමුදා කදවුරේ ඉංජිනේරු බලකාය විසින් මැඬපවත්වා ඇත.  
     
    දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය මෙම ගින්නට හේතු වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ සහකාර නිලධාරී චන්දන පරාක්‍රම මහතා පවසයි. 
     
    DB/WK - dmu polonnaruwa
     
    polo fire 1
     
     
    polo fire 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya