මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූලි 17, 2014
    "යකඩ සපිරි ආහාර ගනිමු - සුවය සපිරි හෙටක් පතමු" යන තේමාව මුල්කර ගනිමින් කාන්තාවන් දැනුවත් කිරීමේ හා ආකල්ප ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර - කැකණදුර සමාජ සත්කාරක මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. 
     
    දරුවන්ගේ හා කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා යකඩ බහුල ආහාර අනුභව කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරමින් මාතර දිස්ත‍්‍රික්කයේ කාන්තාවන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.
     
    මාතර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සරත් වරුසවිතාන මහතා මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලදි.
     
    වනිතා සංවර්ධන නිලධාරීන් හා මාතර දිස්ත‍්‍රික්කයේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි කාන්තාවන් 50කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ ශ‍්‍රී ලංකා කාන්තා කාර්යංශය හා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කළ බව මාතර දිස්ත‍්‍රික් වනිතා සංවර්ධන නිලධාරි පී.කේ.සී. නාලිනී මහත්මිය ප‍්‍රකාශ කළාය.
     
    DB/TI - dmu matara
     
    2014 07 17 wanitha  2
     
     
    2014 07 17 wanitha  3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya