මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර අලුතින් අක්කර 500ක රබර් වගා කෙරේ

    ජූලි 17, 2014

    උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් අක්කර 500ක රබර් වගා කිරීමට පියවර ගෙන ඇත.

     
    මේ යටතේ මුලතිව් සහ වව්නියාව ප්‍රදේශවල නව වගා ආරම්භ කෙරේ. ඒ අනුව මේ වන විටත් වව්නියාවේ ඉඩම් හෙක්ටයාර් 135ක රබර් අලුතින් වගා කර ඇති අතර, තවත් හෙක්ටයාර් 250ක මේ වසර තුළ අලුතින් රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ රෝහණ හපුගහවත්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     

    එමෙන් ම දැනට පදියතලාව ප්‍රදේශයේ අක්කර 50ක අලුතින් රබර් පැළ වගාවක් ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. දැනට දිවයින පුරා රබර් පැළ වගා 07ක් යටතේ රබර් වගාකරුවන්ට අවශ්‍ය පැළ බෙදාදීම සිදු කෙරේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya