මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් යුරෝපීය රටවලින්

    ජූලි 17, 2014

    පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි යුරෝපීය රටවලිනුත් මැදපෙරදිග රටවලිනුත් පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති එච්.පී.එම්. ගුණසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    පොල් ආශ්‍රිත නිෂ්පාදන වන පිරිසිදු පොල් තෙල්, සෞඛ්‍යට හිතකර ලෙස නිෂ්පාදිත පොල් ආශ්‍රයෙන් සකස් කරගත් සීනි මෙන්ම පොල් ආශ්‍රයෙන් නිෂ්පානය කෙරෙන සියලු ම නිෂ්පාදනවලටද මෙසේ ඉහළ ඉල්ලුමක් පවතී.විශේෂයෙන් ම ස්වාභාවික නිෂ්පාදනයක් වන තැඹිලි වතුර සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙමින් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ, සාමාන්‍යයෙන් මැද පෙරදිග රටවලත් එංගලන්තය, නෙදර්ලන්තය වැනි රටවලත් ඇමරිකානු ඩොලර් 05වැනි මුදලකට තැඹිලි ගෙඩියක් අලෙවි වන බවයි.


    එසේ නමුත් පවත්නා ඉල්ලුමට සරිලන ලෙස පොල් ආශ්‍රිත සැපයුම රට තුළ ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා තවදුරටත් පැවසුවේ රට තුළ පවතින කර්මාන්ත සඳහා පමණක් වසරකට පොල් ගෙඩි මිලියන 1500ක් පමණ අවශ්‍ය වන බවයි.

    රට තුළ පවත්නා අවශ්‍යතා මෙන් ම ලෝක වෙළඳපොළ ද ඉලක්ක කර ගනිමින්ද පොල් නිෂ්පාදනය වැඩි කිරීමට මේ වන විට අවධානය යොමු කර ඇති අතර, ඒ අනුව අඩු කාලයක් තුළ වැඩි ඵලදාවක් ලබාදෙන දෙමුහුන් පොල් පැළ නිෂ්පාදනය කිරීමටත්, ඒවා වැඩිවැඩියෙන් වගා කිරීමටත් මේ වන විට පියවර ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය.

    එමෙන් ම රට තුළින් අපනයනය කරනු ලබන පොල් වෙනුවට ඒවා අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝක වෙළෙඳපොළට එක් කිරීම තුළින් වැඩි ආදායමක් ලබා ගත හැකි වන බව පැවසූ සභාපතිවරයා තවදුරටත් පැවසුවේ 2013 වසරේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රුපියල් බිලියන 47ක ආදායමක් උපයා ගත් බවත්, එය මේ වසර අවසානය වන විට රුපියල් බිලියන 50 දක්වා වැඩිකර ගැනීමට හැකිවන බවත්ය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya