මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව කළුදාවලෙයි වැසියන්ට නීත්‍යනුකූල හිමිකම් ඔප්පු

    ජූලි 17, 2014
    මඩකළපුව, මන්මුනෙයි තෙන්එරවිල්පට්ට්‍ර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුදාවලෙයි ග්‍රාමසේවා කොට්ඨාසයේ ගෝවින්දන් වතු ප්‍රදේශයේ ජනතාවට නීත්‍යනුකූල හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ජංගම සේවාවක් හෙට (18) පෙරවරු 9.00 සිට කළුදාවලෙයි මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    මේ සඳහා පැමිණෙන පුද්ගලයින් අනන්‍යතාව තහවුරු කිරීමේ ලිපි, උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් රැගෙන පැමිණිය යුතු වේ.
     
    නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ජංගම සේවාවක් පැවැත්වීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව තීරණය කොට ඇත. 
     
    DB/dmu batti

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya