මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික - ආගමික සංහිඳියාව ගැන අපිට පාඩම් කියා දෙන්න එන බටහිර නඩවලට යොවුන් සේනාංකය හොඳ පිළිතුරක් ලබා දී තිබෙනවා

    ජූලි 17, 2014

    යොවුන් සේනාංකවල සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට අයත් තරුණයන් එකට එක්වී ජීවත් වෙමින් පුහුණුව ලබමින් රටට අවශ්‍ය ජාතික සමගිය සංකේතවත් කරන බවත් එමඟින් ජාතික - ආගමික සංහිඳියාව ගැන අපිට පාඩම් කියා දෙන්න එන බටහිර නඩවලට යොවුන් සේනාංකය හොඳ පිළිතුරක් ලබා දී තිබෙන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවෙල යොවුන් සේනාංකයේ පුහුණුව ලැබූ රේන්ජර්වරුන් 750 දෙනෙකුගේ විසිර යාමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින්ය.


    බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ දී මෙම විසිර යාමේ පෙළපාළිය හා උත්සවය පසුගිය (15) දා පැවැත්විණ.


    අමාත්‍යවරයා එම උළෙල අමතමින්; “ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී ඒ ආශ්චර්ය ගොඩනැගිය හැක්කේ කොන්ක්‍රීට් ගොඩනැගිලි, කාපට් පාරවල්වලින් විතරක් නෙවෙයි. ඒක සංවර්ධනයේ එක් පාර්ශවයක් විතරයි. සැබෑ සංවර්ධනය වන්නේ රටේ මානව සම්පත් සංවර්ධනයයි. රටේ කොතරම් යටිතල පහසුකම් සංවර්ධනය වුණත්, රටේ තරුණ පරපුර අසහනයෙන් නම්, ඔවුන් වෙනුවෙන් රටේ ආර්ථික දොරටු විවෘත වෙන්නේ නැතිනම්, සමාජය තුළින් ඔවුන්ට අවශ්‍ය සේවා ලැබෙන්නේ නැතිනම් ඒ සමාජය වැඩිකල් පවතින්නේ නැහැ.“


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ රටේ විවිධ විප්ලව - කැරලි කිහිපයක්ම අපි දැක්කා. මහින්ද රාජපක්ෂ රජය බලාපොරොත්තු වන්නේ එවැනි අගතිගාමී කටයුතු සඳහා තරුණයන් යොමු වීමට ඇති අවස්ථා අසුරා දැමීමයි. ඒ සඳහා ඉහළ වෘත්තීය පුහුණුවක්, උසස් ආකල්පමය දියුණුවක්, පෞරුෂ හා නායකත්වය සංවර්ධනය බුද්ධි වර්ධනය තරුණයන්ට ලබාදීමට අවශ්‍ය නිසයි මෙවැනි සුවිශේෂී පුහුණුවක් ඔබට ලබා දෙන්නේ. ඕනෑම රටක ඉදිරි ප්‍රගමනය ඇති වන්නේ විශිෂ්ට නායකත්වයක් ඇති වූ විටයි. ලක්බිමෙන් ත්‍රස්තවාදය අතු ගා දමා අපේ රටට මේ සෞභාග්‍ය හා සංවර්ධනය උදා කර දුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේයි. මේ රටේ අනාගත නායකත්වය ලබන්නේ ඔබයි. ඒ විශිෂ්ට නායකත්වය ඉදිරියේදී භාර ගන්නේ අද මේ රටේ තරුණ පරපුරයි. ඒ නිසයි මවට - මව් බිමට ආදරය ගෞරවය දක්වන තරුණ පරපුරක් අවශ්‍ය.


    යොවුන් සේනාංකය මෙවැනි ගෞරවනීය ඵලදායී තැනකට ඔසවා තැබූ  ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාට අපි සියලු දෙනාගේම ගෞරවය, ස්තුතිය පුද කළ යුතුයි. මන්ද  වෙන ආයතනවල පුහුණු කරන්නේ ඒ ඒ විෂයට අදාළ ක්ෂේත්‍රයේ දේ පමණයි. නමුත් යොවුන් සේනාංකය තුළදී ඔබට යහපත් පුරවැසියෙක් වෙන්න, කලාව රස විඳින්න, පරිගණක දැනුම, ශාරීරික අභ්‍යාස සියල්ල කියා දෙනවා. මේ පුහුණුව තුළින් සංවර්ධනය වූ චරිතයක් සමාජගත වන බව අපිට පැහැදිලියි. අද රටට අවශ්‍ය කරන්නේ එවැනි පිරිපුන් චරිතයි. ඒ වගේම මෙතැන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට අයත් තරුණයන් එකට එක්වී ජීවත් වෙමින් පුහුණුව ලබනවා. මේක ජාතික සමගියේ සංකේතයක් මේක තමයි අද රටට අවශ්‍ය දේ. ජාතික - ආගමික සංහිඳියාව ගැන අපිට පාඩම් කියා දෙන්න එන බටහිර නඩවලට යොවුන් සේනාංකය හොඳ පිළිතුරක් ලබා දී තියෙනවා. තරුණ වියේදීම ඔබ ජාතීන් වශයෙන් එකිනෙකාට සමීපව ජීවත් වීම තුළින් එකිනෙකා හඳුනා ගැනීම ඉතාම වැදගත් සාධකයක් අපේ රටේ අනාගතයට. ඒ නිසා ඔබව මෙතනට යොමු කළ දෙමව්පියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.   


    මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, යොවුන් සේනාංකයේ සභාපති මේජර් නලින් ඉලංගකෝන් යන මහත්වරුද එක් වූහ.


    HC/WA

    bandarawela yowun senanka perade 1

     

    bandarawela yowun senanka perade 2

     

    bandarawela yowun senanka perade 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya