මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂිවන් පදනමේ විශේෂ අවශ්‍යතා දරුවන් සඳහා වූ පාසැල දෙවන වසරට පා තබයි

    ජූලි 17, 2014
    බ්‍රිතාන්‍යයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ගනේෂ් වේලායුදම් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පිහිටුවනු ලැබූ මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ ආරම්භ කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ පාසැලේ පළමු සංවත්සරය ලබන 21දා තෙල්දෙනිය පාසැල් භූමියේදී පැවැත්වීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් වශයෙන් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මහනුවර උප කාර්යාලයේ කොමසාරිස් එස්.ඒ. නඩරාජා යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
     
    2013 ආරම්භ කළ මෙම පාසැල මගින් ආබාධිත දරුවන්ට අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාර, ජල සම්බාහන ප්‍රතිකාර හා අශ්වයන් පිට යාම වැනි ක්‍රියාකාරකම් සිදුකරනු ලබන අතර මෙම පාසැලේ සියලු කටයුතු දරුවන්ගේ දෙමව්පියන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පාලනය වේ.
     
    ෂිවන් පාසැලේ ශාඛාවන් මේ වන විට යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන අතර මෙමගින් දරුවන් 130 පමණ දෙනෙකුට සෙත සැලසේ. ඉදිරියේදී මෙම පදනමේ පාසැල් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර එහි ගාල්ල ශාඛාව මේ වසර අවසන් වීමට ප්‍රථම පිහිටුවීමට නියමිතය.
     
    ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනික හා සෞඛ්‍යමය අවශ්‍යතා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැපයීමේ ෂිවන් පදනමේ පරමාර්ථය වන අතර එවැනි ළමුන්ට මෙහි සේවා සම්පූර්ණයෙන් නොමිලයේ ලබාගත හැකිය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya