මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ජනතාවට පානීය ජලය සැපයීමේ කඩිනම් වැඩසටහනක්

    ජූලි 16, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සහන සැලසීම සඳහා මුදල් ගෙවීමේ වැඩසටහනක් සහ පානීය ජලය අවශ්‍ය ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයීමේ කඩිනම් වැඩසටහනක් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කොට ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

     

    දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ව්‍යාපෘති 266ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒ යටතේ ගොවි සංවිධාන යොදවාගෙන කෘෂිකාර්මික ඇළ මාර්ග හා අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරෙන බවයි.

     

    පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, ඇළහැර, මින්නේරිය සහ ගිරිතලේ යන ගොවිජන ව්‍යාපාර යටතේ එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 08 බැගින් ප්‍රථම අදියර යටතේ ප්‍රතිපාදන ලබාදීමට නියමිතය. දැනට හඳුනාගෙන ඇති ව්‍යාපෘතිවලට සහ හඳුනාගැනෙන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු හැකි ඉක්මනින් තමන් වෙත ලබා දෙන ලෙස ද ඔහු සඳහන් කළේය.

     

    මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාව පීඩාවට පත්ව ඇති මේ මොහොතේ කඩිනමින් මේ කටයුතු සියල්ල කළ යුතු බව ද පැහැදිලි කළේය.

     

    ප්‍රතිපාදන පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පැවදූ ඒ මහතා කඩිනමින් ජනතාව වෙත මුදල් ලැබෙන ලෙස කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.

     

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya