මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර දිස්ත්‍රික්කයේ රබර් නව වගා ව්‍යාපෘතියක් ඇරඹේ

    ජූලි 16, 2014

    අම්පාර දිස්ත්‍රික්කයේ රබර් නව වගා ව්‍යාපෘතිය යටතේ අක්කර 1000ක අලුතින් මෙම වසර තුළ රබර් වගා කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ 2019 වන විට අක්කර 10,000ක අලුතින් රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ රෝහණ හපුගස්වත්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.මෙම වගා ක්‍රමයට සම්බන්ධවීම සඳහා ඉඩම් හිමිකම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, සහනාධාර ක්‍රමය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් හෙක්ටයාරයකට රුපියල් 150,000ක මුදලක් ලබාදේ.

     

    ඒ සඳහා අදාළ වගාකරුවන් විසින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රබර් සහනාධාර ක්‍රමය වෙනුවෙන් පවත්නා ඉල්ලුම්පත් සම්පූර්ණ කර දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන්ට හෝ මොනරාගල ප්‍රාදේශීය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට භාර දෙන මෙන් සැලසුම් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී. මෙම වගා සහනාධාර රබර් පැළ මිලදී ගැනීමට හා වගාවේ අනෙකුත් කටයුතු වෙනුවෙන් පිරිනැමේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya