මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ගැටලු 50,000කට විසඳුම් දෙමින් ඌවේ ජංගම සේවා 337ක් නිමවේ

    ජූලි 16, 2014
    ජනතා ගැටලු 50,000කට පමණ සාර්ථක විසඳුම් ලබා දෙමින් පසුගිය 14 දා වන විට ඌව පළාතේ ජංගම සේවා වැඩසටහන් 337ක් අවසන් කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
     
    ඌව පළාතට අයත් බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්ක දෙකට අයත් ග‍්‍රාම සේවා වසම් 886ක් තුළ "ගමකින් ගමකට දොරකින් දොරකට" වැඩසටහන යටතේ රාජ්‍ය තන්ත‍්‍රය ගමකින් ගමකට යමින් මේ දිනවල පවත්වනු ලබන ජංගම සේවාවලදී හඳුනාගනු ලබන ගැටලු විසඳීමෙන් එම දිස්ත‍්‍රික්ක දෙකෙහි ජනතාවට විශාල සේවයක් වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍ර‍්‍රකාශ කළේ ඌව පළාතේ පවත්වනු ලබන ජංගම සේවා වැඩසටහනේ ප‍්‍රගතිය විමසා බැලීම සහ පවතින ගැටලු හඳුනාගැනීම සඳහා පසුගිය දින ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
     
    මෙම ජංගම සේවා තුළදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ පරිපාලනමය වශයෙන් කලක් තිස්සේ නොවිසඳුනු ජනතාවගේ පුද්ගලික ගැටලු විසඳීම සහ රජයේ දෙපාර්තමේන්තු සහ  ආයතන මගින් සිදු කෙරෙන කාර්යන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 
     
    මෙම ජංගම සේවා සඳහා ඉදිරිපත් වන ජනතාවට අවශ්‍ය රෝද පුටු, අත්වාරු, ජාතික හැඳුනුම්පත්, විවාහ සහතික, උප්පැන්න ආදී වූ අවශ්‍යතාවන් එම අවස්ථාවේ දී ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
     
    මේ වන විට පැවති ජංගම සේවා සඳහා 1,115,009 දෙනෙකු සහභාගී වී ඇති අතර ඉදිරිපත් වී ඇති ගැටලු සංඛ්‍යාව 122,174කි. මෙයින් 50,000කට පමණ එදිනම විසඳුම් ලබාදී ඇති අතර ඉතිරි ගැටලු ප‍්‍රාදේශීය මටටමින් පැවැත්වීමට නියමිත ජංගම සේවා සඳහා යොමු කර තිබේ. 
     
    මෙම ජංගම සේවා සඳහා යොදවා තිබූ රාජ්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 30,635ක් පමණ වේ.
     
    මෙතෙක් හඳුනාගෙන ඇති ගැටලුවල ප‍්‍රමුඛතා අනුව ඉඩම්, නිවාස ආධාර, රැකියා පුහුණුවීම, සමාජ ආරක්ෂණ ක‍්‍රම, සෙවිලි තහඩු , සනීපාරක්ෂක පහසුකම් යනාදිය පෙන්වාදිය හැකිය.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු, ආයතන ප‍්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
    DSC 2403
     
     
    DSC 2348

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya