මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    66වන උදා ගම්මානය හම්බන්තොටට

    මැයි 09, 2018
    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 66වන උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, කඳුරුපොකුණ උතුර "සතිරගම" උදා ගම්මානය හෙට (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    නිවාස 30කින් සමන්විත මෙම නව උදාගම්මානයේ නිවාස ඉදිකරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගම්මානයේ නිවාස ඉදිකොට තිබේ.
     
    පර්චස් 10කින් මෙම ගම්මානයේ සියලු ම නිවාස සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක්ද, විධිමත් ව සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විත. මෙම නිවාස ගම්මානය සඳහා රුපියල් මිලියන 19.2ක් ආයෝජනය කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya