ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකෙරෙන ආකාරය පිළිබඳව ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කර සිටියේය. මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ, එම තානාපති කාර්යාලයේ පිරිස, කුසල් මෙන්ඩිස් සමග මේ පිළිබඳව සම්බන්ධ වෙමින් වීසා බලපත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවද සඳහන් කර සිටියේය.
“කුසල්ගේ වීසා එක ප්‍රතික්ෂේ කරලා නෑ. එම්බසි එකේ වීසා බලධාරීන් කුසල් එක්ක සම්බන්ධවෙලා සිටිනවා. එයාගෙන් තව තොරතුරුවලට අදාළ ලියකියවිලි වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ලියකියවිලි ටික ඔවුන්ට භාර දුන්නට පස්සේ මං හිතන්නේ කුසල්ට වීසා එක ලබා දෙයි“ යැයි ඈෂ්ලී ද සිල්වා මහතා සදහන් කර සිටියේය.
“ඇත්තෙන්ම අයි.සි.සී. ය වීසා ලබා දීම සදහා වන සහයෝගය ලබා දෙන කාලය පටන් ගන්නේ මේ මාසේ 25 වැනිදා. නමුත් එහේ තියෙන දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන්ට හුරු වෙන්න අපි කණ්ඩායම යැව්වා සති දෙකකට කළින්ම. ඒ නිසා කිසිම ප්‍රමාදයක් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා අයි.සී.සී. ය ලෝක කුසලාන කටයුතු ආරම්භ කරනකොට කුසල්ට එහෙට යන්න පුලුවන් කියලා. ඒ වගේම නියතයෙන්ම ඔහුට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග වලට සහභාගිවීමේ අවස්ථාව උදාවෙයි“ යැයි ප්‍රධාන නිලධාරීවරයා ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මැයි මස 27 වැනිදා සිට ආරම්භ වන අතර ශ්‍රී ලංකාව එම 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ෆ්ලොරිඩාහි පළමු තරගයටත්, අයර්ලන්තයට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි තරගයටත් සහභාගිවනු ඇත.