මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිම සුරැකීමේ වැඩපිළිවෙළට දායක වෙන්න

    ජූලි 16, 2014
    මේ රටට නැවත එල්.ටී.ටී.ඊ.ය නොඑන්න මේ මව්බිම සුරැකීමේ වැඩපිළිවෙළට දායක වෙන්න එකා මෙන් රොද බැඳෙන්න යැයි අමාත්‍යවරිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය දා තඹුත්තේගම පැවැති කාන්තා සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය.
     
    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සංවිධානයෙන් පසුගිය දින තඹුත්තේගම, වෙහෙරගල විහාරස්ථානයේ දී පැවති මෙම කාන්තා නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ නායිකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහභාගී වූවාය.
     
    එක්සත් ජාතික පක්ෂ කාන්තාවෝ දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් දිවයින පුරා සංවිධානය කරන "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" සම්මන්ත්‍රණ මාලාවේ, අනුරාධපුර දිස්ත්‍රික් කලා වැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා ආසන බල මණ්ඩල නියෝජිත සම්මන්ත්‍රණයේදී, එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවෝ දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූහ.
     
    මෙහිදී අතිගරු ජනාධිපතිතුමාට සහ සන්ධාන රජයට සහය පළකරමින්, එක්සත් ජාතික පක්ෂයේ දහසකට අධික කාන්තාවෝ පිරිසක් අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්හ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනයට කාන්තාවෝ දස දහසකට අධික පිරිසක් සහභාගීවී සිටීම සුවිශේෂත්වයකි.
     
    මෙම සම්මේලනයට සහභාගී වෙමින් අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, රටේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදෙන  නායකත්වය ඉතා ප්‍රශස්ත බවත් මෙතෙක් බලයට පත්වූ කිසිදු නායකයෙකු කාන්තා සුබසිද්ධිය උදෙසා මෙලෙස ක්‍රියා නොකළ බවත්ය.
     
     
    "යුද්ධයෙන් මහා විනාශයක් වුණ රටක්. සංවර්ධනයක් ගැන හිතන්නවත් බැරිව තිබුණ රටක්.  ආර්ථිකයක් ගැන හිතන්න බැරිව තිබුණ රටක්. රට එහෙම තිබුණ යුගයක්. 2005 දී අපේ අතිගරු ජනාධිපතිතුමන් ඇවිත් කිව්වේ, මාව මැරුවත්, මගේ දරුවන්, මගේ පවුලේ සාමාජිකයන් මැරුවත් කමක් නැහැ. මම යුද්ධය අවසන් කරනවා කියලා. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම කියලා හිතලා, අපේ රට බේරගත්තේ අපේ අතිගරු ජනාධිපතිතුමායි". 
     
    "2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති රනිල්, ප්‍රභාකරන් ඉදිරියේ දණ ගහලා. මව්බිමෙන් 1/3ක් බටහිරට ඕන විදිහට කොටින්ට ලිඛිතවම දුන්නා. ජනාධිපතිතුමා බලයට එද්දි මව්බිමෙන් 1/3 ක්කොටි යටතේ තිබුණේ. මාවිල්ආරු සොරොව්ව වැහුවා. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඔවුන්ට කිව්වේ, රනිල් වික්‍රමසිංහ මොන ගිවිසුම් අත්සන් කළත් කමක් නැහැ. සොරොව්ව අරින්න අපි යුද්ධය පටන් ගමු කියලා".
     
    යුද්ධයෙන් පසු මෙරටට විශාල වශයෙන් ආයෝජන ගලාගෙන ආ බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය ගුවන් තොටුපළවල්, වරායවල්, මහා මාර්ග, කාපට් මාර්ග, මාතෘ සායන, පරිගණක විද්‍යාගාර, භාෂාගාර මේ වගේ සංවර්ධනයක් අපට හීනයක්ව පැවැති බවත් සඳහන් කළාය. 
     
    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වික්ටර් ඇන්තනී, ඩබ්.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ලේකම් අශෝකා ලංකාතිලක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP PW HOROWPATHANA 1
     
    MP PW HOROWPATHANA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya