මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක කොරයාවංගුව - වැලිකන්ද මාර්ගය සංවර්ධනය කෙරේ

    ජූලි 16, 2014

    ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ, පසුගිය දා අරණායක මැතිවරණ කොට්ඨාසයේ මෝරාගම්මන ග්‍රාමසේවා වසමේ  කොරයාවංගුව වැලිකන්ද මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.


    එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, "ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරා දීම රජයේ අරමුණයි. රජය ජනතාවගේ සියලු යටිතල පහසුකම් ලබා දීමට නිරන්තරයෙන් උත්සහා දරන අතර, විදේශ ණය ආධාර ලබා රටෙහි සංවර්ධනයට කටයුතු කරමින් පවතී. එසේ නමුත් විපක්ෂය ඒවා විවේචනය කරනවා. එම සංවර්ධන කටයුතු රටෙහි අනාගත ආයෝජනයක් බදුය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති 2002 වර්ෂය වන විට මෙරට ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 106කි. වර්තමාන ආණ්ඩුව යටතේ එය සියයට 78 දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබෙයි. ඉදිරි වසර කිහිපය තුළ රජය විදේශ ණය ආධාර ලබා ගැනීම සීමා කර දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරයි.

    රජය විසින් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවීමට කටයුතු කළා. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට ද සිදු වී ඇත. රජය සෑම විටම ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වල නායයාම් අවම කිරීමට රුපියල් මිලියන 800ක් ද සෙසු දිස්ත්‍රික්කවලට රුපියල් මිලියන 200ක් ද වෙන් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට ඵක් වූ සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, අද ග්‍රාමීය මට්ටමෙන් රට තුළ සීග්‍ර සංවර්ධනයක් වෙමින් පින අතර අරණායක මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනයට මේ වන විට රුපියල් ලක්ෂ 2500ක් ලැබී තිබෙන බවය.

    සබරගමුව පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක, අරණායක ප්‍රාදේශීය ලේකම් අනුර රාජරත්න, කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

     ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya