මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යකඩ සපිරි ආහාර ගනිමු - සුවය සවිය නුවණ වඩමු" මැයෙන් පාසල් ළමයින් දැනුවත් කෙරේ

    ජූලි 16, 2014
    "යකඩ සපිරි ආහාර ගනිමු - සුවය සවිය නුවණ වඩමු" තේමාව මුල්කර ගනිමින් පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර මහාමායා බාලිකා මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
     
    පාසල් ළමයින්ගේ පෝෂණ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා යකඩ බහුල ආහාර අනුභව කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරමින් මාතර දිස්ත‍්‍රික්කයේ පාසල් ළමයින් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.
     
    දෙවිනුවර ප‍්‍රාදේශීය මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ලතිකා විතාන මහත්මිය විසින් මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලදි.
     
    පාසල් ළමයින් 100කට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ බව මාතර දිස්ත‍්‍රික් ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී පී.ජී.අයි. නන්දනී මහත්මිය ප‍්‍රකාශ කළාය.
     
    දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන මෙම වැඩසටහන් මාලාවේ මාතර දිස්ත‍්‍රික් වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද අතර මේ සඳහා සිද්ධාලේප ආයතනය අනුග‍්‍රාහකත්වය සපයන ලදි.
     
    DB/ TI - dmu matara
     
    2014 07 09 lama  2
     
    2014 07 09 lama  1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya