මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විවිධත්වය අගයමු - සුරකිමු” හෙට කෑගල්ලේදී

    ජූලි 16, 2014


    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබනු “විවිධත්වය අගයමු - සුරකිමු” ව්‍යාපෘතිය හෙට 17 පෙ.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පසුගිය 14 සිට ලබන 20 වැනිදා දක්වා සතිය සමාජ ඒකාබද්ධතා සතිය ලෙස නම් කර ඇත. මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ.

     

    මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විවිධ ජාතීන්ගේ ආගම් හා ආගමික ස්ථාන තුළ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමත්, ප්‍රායෝගික ආගමික වතාවත් සඳහා දරුවන් සහභාගී කරවමින් එහි අගයන් වටහා දීමටත්, ඒ තුළින් විවිධත්වය සුරකින, සහජීවනයෙන් පිරි සමාජයක් බිහි කිරීමට අවශ්‍ය ආකල්පවල වෙනසක් ඇති කිරීමත් ය.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා පාසල් දරුවන් හා රජයේ නිලධාරීන් සහභාගි වීමට නියමිත බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya