මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික දේශීය වී වගාව කෑගල්ලේ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

    ජූලි 16, 2014

    පාරම්පරික දේශීය වී ප්‍රභේද සඳහා හොඳ ඉල්ලුමක් සහ ඉහළ වෙළෙඳපොළක් ඇති නිසා පාරම්පරික දේශීය වී වගාව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් දැක්වූයේ පසුගියදා පැවති කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අමතමිනි.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවිජන බල ප්‍රදේශ තුළ දැනටමත් දේශීය පාරම්පරික වී වගාව  ආරම්භ කර තිබීම අපගේ ඇගයීමට ලක් විය යුතුය. විශේෂයෙන් දැදිගම ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ රන් කහවණු සහ පච්ච පෙරුමාල් අක්කර 25ක ද, දැලිවල ගොවිජන සේවා බල ප්‍රදේශ තුළ අක්කර 20ක පාරම්පරික සුවඳැල් හා පච්ච පෙරුමාල්  ද වගා කර ඇත. මෙයට අමතරව රුවන්වැල්ල ගොවිජන බල ප්‍රදේශය තුළ ගොවීන් 55 අතරේ පාරම්පරික බිත්තර වී ප්‍රභේද 52 ලබා දී ඇති බව ද මෙහි දී හෙළි විය.

    එසේම 2014 යල කන්නයේ දී අවම වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අක්කර 250ක වත් දේශීය පාරම්පරික වී වගාව සිදු කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya