මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර යල කන්නයට මිලියන 259ක පොහොර

    ජූලි 16, 2014
    ‘කෙතට අරුණ‘ වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ වී වගාව සඳහා යල කන්නයට රුපියල් මිලියන 259.286ක සහනාධාර පොහොර අනුමතකර තිබේ. 
     
    යූරියා මෙට්රික් ටොන් 2135.77ක් ටී.එස්.පී. මෙට්රික් ටොන් 700.03ක් සහ එම්.ඕ.පී. මෙට්රික් ටොන් 1310.69ක් වශයෙන් මෙට්රික් ටොන් 4146.75ක පොහොර ඒ අතර වේ.
     
    කුඹුරු හෙක්ටයාර 15667ක් වෙනුවෙන් අනුමත කර ඇති මෙම පොහොර සඳහා රජය රුපියල් මිලියන 230.258ක මුදලක් වැය කරන අතර ගොවි ජනතාවගෙන් රුපියල් මිලියන 29.027ක මුදලක් අය කෙරේ.
     
    මේ වන විට කුඹුරු හෙක්ටයාර 7904ක් සඳහා ගොවීන් 18578 දෙනෙකුට පොහොර මෙට්රික් ටොන් 1989ක් ලබා දී ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ තොරතුරු අනාවරණය කළේ මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සුජාතා වීරසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති පොහොර කමිටු රැස්වීමේදීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya