අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයේ පළමු දිරිය අංකුඹුරේ තරුණයෙකුට

    අප්‍රේල් 25, 2018
    තරුණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන "තුරුණු දිරිය" ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ පළමුවන ණය ප‍්‍රදානය අංකුඹුර ලංකා බැංකු ශාඛාවෙන් පසුගිය දා නිකුත් කෙරුණි. 
     
    මෙම පළමු ණය ප‍්‍රදානය ලබා දී තිබුණේ නුවර අංකුඹුර ප‍්‍රදේශයේ පදිංචි අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ අලෙවි සේවාවක් පවත්වාගෙන යන අසේල තරිඳු යන තරුණ ව්‍යවසායකයාටයි. 
     
    මෙම දිරිය තරුණයා ඔන්ලයින් අලෙවිකරණය පිළිබඳව ස්වයං අධ්‍යයනයෙන් ලබාගත් දැනුම හරහා Daylook.lk නමින් අන්තර්ජාලය තුළින් ඇගළුම් නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනයක් පිහිටුවාගෙන ඇති අතර මේ වන විට ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ගොඩනගාගෙන ඇති ලක්‍ෂ දෙකකට අධික සම්බන්ධතා ජාලය මගින් දිවයින පුරාම තම නිෂ්පාදන අලෙවිය ඉතා සාර්ථකව සිදුකරනුයේ තවත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුටම රැකියා අවස්ථා සලසා දෙමිනි. මෙම තුරුණු දිරිය ණය මුදල මගින් ඉදිරියේ දී ෆේස්බුක් පිටුවට අමතරව පහසුවෙන් ඔන්ලයින් වෙළඳ කටයුතු සිදුකළ හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරමින් තම ව්‍යාපාරය වඩාත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසුවේය. 
     
    නව අදහස් සහිත දිරිය තරුණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ඔවුන්ගේ නව ව්‍යාපාරික අදහස් රටේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණ කරගනිමින් ආරම්භ කරන ලද "තුරුණු දිරිය" ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මේ වනවිට රට පුරා සිටින කුඩා පරිමාණ ව්‍යවසායකයින් අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත්ව ඇත. මේ වනවිට දිවයින පුරා ලංකා බැංකු කාර්යාලවලට මෙම ණය ලබා ගැනීම සඳහා අයදුම්පත් රාශියක් ලැබෙමින් පවතින අතර ඉන් වැඩිම අයදුම්පත් ප‍්‍රමාණයක් ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් කාර්යාලයට ලැබී තිබුණි. 
     
    මෙම ණය ලබා ගැනීමට අදාල ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම සඳහා දිස්ත‍්‍රික් කාර්යාලවල සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සහයෝගය ලබාදෙන අතර දිවයින පුරා පිහිටි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාර්යාලවලට මේ වනවිට 800කට ආසන්න ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති අතර රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පමණක් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 340කි. මේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහල යන බව එම නිලධාරීහු ප‍්‍රකාශ කරති. මෙම ණය යෝජනා ක‍්‍රමය පිළිබඳ ව වැඩි විස්තර සියලු ම ලංකා බැංකු ශාඛාවලින් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායක නිලධාරීන් මගින් ලබාගත හැකිය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya