අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් උදාගම්මානයක්

    අප්‍රේල් 23, 2018
    දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූල්පල්ලම ඉදිකළ සියනෙතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    වත්මන් රජය ආරම්භ කළ යළි පිබිඳුණු උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 55වන ආදර්ශ ගම්මානය මෙය වේ. එමෙන් ම මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදි වූ 24වන ආදර්ශ ගම්මානය ද වේ.
     
    මෙම නිවාස ගම්මානය ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකොට ඇති අතර මෙම නිවාස ගම්මානය නිවාස 29කින් සමන්විත වේ. පිරිසිදු පානීය නල ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදාගම්මානය සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya