මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර වැව්වල රොන්මඩ ඉවත් කිරීමට මිලියන 250ක්

    ජූලි 15, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 250ක් හිමි වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි. 



    රොන් මඩ එක්රැස් වීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් විශාල සංඛ්‍යාවක රඳවාගත හැකි ජල ධාරිතාව අඩු වී තිබේ. මෙවර දිස්ත්‍රික්කය පුරාම නියං තත්ත්වයක් උද්ගත වූ අතර, ඊට ඔරොත්තු දෙන ආකාරයේ ජල ධාරිතාවක් වැව් විශාල සංඛ්‍යාවක රඳා පැවතියේ නැත. මතුවට ද මෙවැනි නියං තත්ත්වයන් ඇති වුව හොත් ඊට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් පද්ධතිය තුළ වැඩි ජල ධාරිතාවක් රඳවා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

     

    මීට අමතරව වියළි කාලගුණය දැඩිව පීඩාවට පත් පදවිය වැනි ප්‍රදේශවලට නියං සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ ද සාර්ථකව සිදුවෙමින් පවතින බව දිසාපතිවරයා සඳහන් කළේය. පානීය ජලය ලබාගැනීමේ ගැටලු පවතින ප්‍රදේශ ඇත්නම් එම තත්ත්වයන් ඉතා කඩිනමින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ජල අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන ලෙසද අනුරාධපුර දිසාපතිවරයා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.  සංවර්ධනයේ කොටස්කරුවන් වශයෙන් ජනතාව, රාජ්‍ය නිලධාරින්, මාධ්‍යවේදින් ඇතුළු පිරිස් එකට එක්ව කටයුතු කිරීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියං තත්ත්වයෙන් ජනාතාවට ඇති වූ පීඩාවන් සඳහා සහන සැලසීම සාර්ථකව සිදු කිරීමට හැකි වී තිබෙන බවද  දිසාපතිවරයා පවසයි. 
     
    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya