මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෞරවය ලබන්න අනෙක් අයට ගරු කළ යුතුයි

    ජූලි 15, 2014
    අපි අනෙක් අයගෙන් ගෞරවය බලපොරොත්තු වෙනවා නම් අපිත් අනෙක් අයට ගරු කරන්න පුරුදු විය යුතු බවත් අනෙක් අයට ගරුත්වයෙන් කතා කළොත් අපිටත් අනිත් අය ගරුත්වයෙන් කතා කරන්නේ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) කුලියාපිටිය උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ පැවති බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. 
     
    "ජනතාව තමයි මට ඡන්දය දීලා මාව මෙතෙන්ට පත්කරලා තියෙන්නේ . ඒ නිසා මම ජනතාව වෙනුවෙන් මගෙන් වැරද්දක් වුණා නම් ඒ සම්බන්ධව කොන්ද කෙලින් තියාගෙන නිහතමානීව ජනතාවගෙන් සමාව ඉල්ලනවා". 
     
    "අද රට ඉතාම සීග්‍රයෙන් සංවර්ධනය වෙනවා. පාරවල් කාපට් කරනකොට, සංවර්ධනය වෙනකොට ජනතාවට වෙනදට වඩා සියලුම දේ පහසුවෙන් කරගන්න අවස්ථාව උදාවෙනවා".  
     
    ලබන වසර වනවිට වයඹ පළාත තුළ විදුලි බලය නැති  සෑම ප්‍රදේශයකටම විදුලිබල පහසුකම ලබාදෙන බවත් අතාඋල්ලා  ඇමතිතුමා සහ ඉන්දික බණ්ඩාරනායක ඇමතිතුමා ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදෙන බවත් ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා රැකියා ප්‍රශ්නය විසඳීමට ද කටයුතු කරන බවත් පැවසීය. 
     
    "අද ආණ්ඩුවේ රැකියා කරලා වැටුප්  ගන්න අය පෞද්ගලික අංශයේ රැකියාවන් කරලා ඒ වගේ තුන් ගුණයක් වැටුප් ගන්නවා . මම තරුණ තරුණියන්ටත් කියන්නේ තමන්ගේ අනාගතය ගැන හිතන්න. ආණ්ඩුවේ රැකියා කියන මානසිකත්වයෙන් මිදිලා මහන්සි වෙලා වැඩකරන්න". 
     
    ලක්ෂ 6ක රාජ්‍ය සේවය අද ලක්ෂ 14ක් දක්වා වැඩිව තිබෙන බවත් ඒ නිසා අපි අපේ ආකල්ප වෙනස් කරගත යුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා  අමාත්‍ය ඒ. එල්. එම්. අතාඋල්ලා, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක, චන්දන යාපා, බිංගිරිය  ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක මුනිදාස ප්‍රේමචන්ද්‍ර  සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපති රාජ් සිසිර කුමාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya