සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලසම්පත් කළමනාකරණයට ජනාධිපති කාර්යය සාධක බලකායක්

    පෙබරවාරි 28, 2018
    ප්‍රශස්ත ජල සම්පත් කළමනාකරණයක් වෙනුවෙන් ඒකාබද්ධ කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ නිර්දේශ මාස තුනක් තුළ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය කටයුතු යොදා ඇත.
     
    දේශගුණ විපර්යාසවල ප්‍රතිවිපාක හේතුවෙන් ඇතිවන පුරෝකථනය කළ නොහැකි ගංවතුර, නායයෑම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාවය, වාරි ජල සැපයුම, පානීය ජල සැපයුම, ජල විදුලිබල නිෂ්පාදනය සහ ජනතාවගේ ජීවන තත්ත්වයට දැඩි බලපෑම් එල්ල වේ.
     
    මෙම අභියෝග ජයගැනීම සඳහා මෙරට ජලසම්පත සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පුළුල් හා ඒකාබද්ධ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙලෙස ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය කටයුතු යොදා ඇත.
     
    ශ්‍රී ලංකාවට වාර්ෂිකව මිලිමීටර් 2000කට අධික වර්ෂාපතනයක් ලැබෙන අතර ඉන් පෝෂණය වන ගංගාවන් 103කට ආසන්න ප්‍රමාණයක් රටේ සියලු ම ප්‍රදේශ ආවරණය වන පරිදි ගලා ගොස් මුහුදට එකතු වේ.
     
    එහෙත් මෙම වර්ෂාපතනය සිදුවන කාලයන්හි හා ස්ථානයන්හි ඇති වෙනස්කම් සහ ජලවහන රටාවේ පැතිර යාමේ වෙනස්කම් හේතුවෙන් දිවයිනේ 65%ක භූමි ප්‍රමාණයක් වියළි කලාපය ලෙස හඳුන්වන අතර එම කලාපය නිරන්තර ජල හිඟයන්ට හා නියඟයන්ට භාජනය වේ.
     
    දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ලක්වීමේ අවදානම ද ඉහළ ගොස් ඇති අතර කෙටි කාලසීමාවක් තුළ ඇති වන තීව්ර වර්ෂාපතනය ආදී වර්ෂාපතන රටාවේ වෙනස්කම් මෙන් ම වර්ෂයක් තුළ වියළි කාලගුණයක් පවතින දින ගණන ඉහළ යාමද පසුගිය කාලසීමාව තුළ නිරීක්ෂණය කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya