අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර 13ක් උපාය මාර්ගික නගර ලෙස සංවර්ධනය කරයි

    පෙබරවාරි 21, 2018
    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ නගර 13ක් උපයාමාර්ගික නගර ලෙස සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත.
     
    ඒ අනුව මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, රත්නපුර, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල එලෙස සංවර්ධනය කරනු ඇත.
     
    ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙන 'තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය' මඟින් රට පුරා විහිදී ඇති ඉහළ සංවර්ධන විභවතාවයක් සහිත ආර්ථික ජාලයන්ට (Corridors) අයත් වන, කොළඹින් බැහැර පිහිටි නාගරික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත. 
     
    මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya