සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයට අදාලව නුවරඑළියේ සියලු කටයුතු සුදානම්

    පෙබරවාරි 08, 2018
    පළාත් පාලන මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සුදානම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර  නිලධාරි එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසිය.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දොළහක්  සඳහා පැවැත්වෙන මෙම මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 504 දී ඡන්දය ප්‍රකාශ කිරීමටත් ගණන් කිරිමේ මධ්‍යස්ථාන 490 පවත්වා ගෙන යාමටත් සැලසුම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා තවදුරටත් සඳහන් කළේය.
     
    මේ සඳහා මැතිවරණ නිලධාරින් 7479 ද  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1572 පමණ  ද යොදවන බවත් සඳහන් කළ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාව, හැටන් දික්ඔය නගර සභාව සහ තලවකැලේ ලිඳුල නගර සභාව ද නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රදේශීය සභා ද මෙවර මැතිවරණයට  අලුතින් එක් කළ මස්කෙලිය, නොර්වුඩ්, අගරපතන, කොටගල යන ප්‍රාදේශීය සභා සඳහා සභිකයින් 306 ක් තෝරා ගැනිමට අපේක්ෂා කෙරේ.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 562025ක් මෙවර ඡන්ද ලබා දිම සඳහා සුදුසුකම් ලබා ඇති බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya