මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

    පෙබරවාරි 07, 2018
    මහනගර අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ආශ‍්‍රිතව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම මූලික අදියරේ පවතින බවතී. මේ වන විට මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කර ඇති මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය රුපියල් මිලියන 6000 ක වියදමින් ඉදිකෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මාසය වන විට නිම කිරීමට යෝජිතය.
     
    මහනගර අමාත්‍ය චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යපෘතිය, බහුවිද ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි. මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ සහ දුම්රිය පර්යන්තයකින්, කඩ සාප්පු සහ වෙළඳ සංකීර්ණයකින්, පෞද්ගලික රථවාහන ඇතුළු සියළු රථවාහන නැවතුම් පහසුකම් සහිතව ඉදිකරනු ලබයි. මහනුවර පවතින දැඩි රථ වාහන තදබදයට ප‍්‍රමුඛ විසඳුමක් ලෙස මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවේ.
     
    උපාය මර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය විසින් දැයට තිරසර හෙට දවස උදා කරලීමේ දූර දර්ශී සැලසුම යටතේ මහනුවර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතිය මගින් සියළු ප‍්‍රවාහන පහසුකම් සහ ආශ‍්‍රිත සේවාවන් ජනතාවට පිරිනැමේ. මෙමගින් කාලය, ඉන්ධන හා රථවාහන නඩත්තු පිරිවැය ආදී වටිනා සම්පත් නාස්තිය අවම කිරීම තුළින් පොදු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සැපයේ. මාර්ග තදබදය අවම වීම සහ රථවාහන ආපදා වැලකීම ආදිය ඔස්සේ වඩාත් ක‍්‍රමවත් ප‍්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරමින් දියුණු  නාගරික පරිසරයක පහසුව අත්විඳීමේ හැකියාව මෙමගින් මහුනවර ජනතාවට හිමිවනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya