මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපු දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය සඳහා විශේෂ සාකච්ඡාවක්

    ජූලි 11, 2014

    දිස්ත්‍රික් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මඩකළපු දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය සඳහා විශේෂ සාකච්ඡාවක් මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විණි.

    දිස්ත්‍රික්කයේ පාසල් භෞතික හා අධ්‍යාපනික සංවර්ධනයක් කරා ගෙන යාමට ක්‍රියාත්මක කළ යුතු නව සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. පාසල් සංවර්ධනය සඳහා යොමු වීමට දිස්ත්‍රික්කයේ එක් පාසලක් තෝරාගෙන ආදර්ශ පාසලක් ලෙස සෑම පහසුකමක්ම සලසා සංවර්ධනය කිරීම මෙහි පළමු පියවර බව මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය විසින් මෙහිදී පවසන ලදී.

     

    මඩකළපු දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපනය ජ්‍යාත්‍යන්තර මට්ටමට ගෙන ඒම මෙම නව සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ බව චාර්ල්ස් මහත්මිය විසින් අවධාරණය කළාය. පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විෂය සමගාමී බාහිර පංති සම්බන්ධ ගැටලු සහ පාසල් ළමුන්ගේ ආහාර රටාව හා ළමුන්ට පෝෂ්‍යදායී ආහාර ලැබීමේ ප්‍රවණතාව වැනි කරුණු මෙහිදී සාකච්ඡා කරන ලදී.

     

    පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ටී.එම්. නිසාම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් එස්.සී. ක්‍රිෂ්ණරාජා , එස්. බාස්කරන් සහ එන්. පු‍ල්ලේනායගම් යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන්, ළමා සංවර්ධන නිලධාරීන්, විවිධ අධ්‍යාපන ආයතන නිලධාරීන්, දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    SDF/MAP

    Batti meet edu 02

    Batti meet edu 03

    Batti meet edu 04

    Batti meet edu 05

    Batti meet edu 06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya