මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු උප ජනාධිපති ඇතුළු දූත පිරිස උතුරේ සංචාරයක

    ජූලි 09, 2014
    ඊයේ (08) යාපන‍යේ සංචාරයට පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහත්මා ඇතුළු දකුණු අප්‍රිකානු දූත පිරිස සාම්ප්‍රදායික හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් මහ අමාත්‍ය සී.වී. විග්නේස්වරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.
     
    රමෆෝසා මහත්මා ඇතුළු පිරිස දිල් කෝ තානායමේදී උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ. එම අවස්ථාවට දකුණු අප්‍රිකානු විදේශ කටයුතු අමාත්‍ය ඉබ්‍රහීම් ඉස්මයිල්, උප ජනාධිපති උපදේශිකා රූත් මේයර්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ජෙෆ් කිව්.එම්. ඩොයිජ් (Geoff Q.M. Doidge) සහ උතුරු පළාත් අමාත්‍ය සත්‍යලිංගම් කුරුකුලරාජා යන පිරිස සහභාගී වූහ.
     
    SDF/DB
     
    south af president visit north 1
     
     
    south af president visit north 1 2
     
    south af president visit north 1 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya