අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප‍්‍රදර්ශනය

    ජූලි 04, 2017
    බද්දේගම ශාන්ත අන්දෝනි විද්‍යාලයේ  සිය වස් සැමරුම් ප‍්‍රදර්ශනයේ තෙවන දිනය වන ඊයේ (03) ප්‍රදර්ශනය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් විවෘත විය.
     
    පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප‍්‍රදර්ශනය විවෘත කළ අතර ලබන බදාදා දක්වා විවෘත ව ඇත. 
     
    ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය සඳහා ඇති නව නිපයුම් අගයමින් සිසු සිසුවියන් දිවිමත් කර අමාත්‍යවරයා අනතුරුව උත්සව සභාවට ද එක්විය.
     
    බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලය ප‍්‍රදේශයේ ඇති ජනප‍්‍රය පාසලයකි . සිසු සිසුවියන් 1500 ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 78දෙනෙකුගෙන් සමන්විතය. විද්‍යාලයේ වසර 100 ක ඉතිහාසය සමරන මේ වසරේ ඒ වෙනුවෙන් ප‍්‍රදර්ශනයක් සංවිධානය කර ඇත. විද්‍යාලයේ පමණක් නොව ප‍්‍රදේශයේ අනිකුත් විද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ද දැණුම වර්ධනය වන ආකාරයට සංවිධානය කර ඇති මෙම ප‍්‍රදර්ශනයට සිසු සිසුවියන්ගේ නිර්මාණ මෙන්ම වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 19 ක නිර්මාණ හා ප‍්‍රදර්ශණ ඇතුලත් කුටි රාශියක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුලත් කර ඇත.
     
    මෙම විවෘත කිරීම හා උත්සව සභාව සඳහා ගාලු දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විද්‍යාලයේ විදුහල්පති ඉන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya