මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධත්වය - ගැටුමට යෑම වෙනුවට ආශිර්වාදයක් කරගත යුතුයි - ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති

    ජූලි 04, 2017
    විවිධත්වය මුල් කර ගෙන බෙදී වෙන්වීම වෙනුවට විවිධත්වය ආශිර්වාදයක් කරගත හැකි නම් ශ්‍රී ලංකාව ආසියාවේ පමණක් නොව ලෝකයේ බලවත් රටක් බවට පත් කර ගත හැකි බව හැකි බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි. 
     
    එම විවිධත්වය මුල් කර ගනිමින් බෙදී වෙන් වීම වෙනුවට විවිධත්වය පෝෂණය කිරීමේ වගකීම අප සැමගේ අරමුණ විය යුතු බවද බාකීර් මාකර් මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    මහනුවර පොත් දැක්මට සමගාමීව මහනුවර කේ.සී.සී ආයතනයේ පැවති ගුවන් විදුලිය හා සන්නිවේදනයේ අරමුණු නැමති කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී. 
     
    මෙහිදී අදහස් දැක්වූ බාකිර් මාකර් මහතා ලංකාව ප්‍රධාන ආගම් හතරකින් පෝෂණය වූ රටක් බවත්, විවිධ සංස්කෘතික පසුබිම් ය‍ටතේ ගොඩ නැගුනු රටක් බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ලංකාව ගොඩනැගීමේදී මෙම විවිධත්වය ආශිර්වාදයක් බව පැවසූ ඔහු විවිධත්වය හුවා දක්වමින් ගැටුම් ඇති කර ගැනීම අනුවන ක්‍රියාවක් බව පැවසීය.
     
    සිංගප්පූරුව එදා ලංකාවටත් වඩා පසුපසින් සිටි රටක් වුවත් අද සංවර්ධනයේ ඉහළ යෑමට ඔවුන්ට හැකියාව ලැබුණේ විවිධත්වය තමන්ට ආශිර්වාදය කර ගැනීම බවද පෙන්වා දුන් බාකිර් මාකර් මහතා විවිධත්වය තුළින් ඔවුන් සිංගප්පූරුව ලොව සුන්දර ම රටක් බවට පත් කළ බව පෙන්වා දෙන ලදී. 
     
    සිංගප්පූරුව ගොඩ නැංවීමේදී එරට අසහාය නා‍යකයෙක් වූ ලී ක්වාන් යූ එහිදී යොදා ගත් ආදර්ශ පාඨය වූයේ එක රටක් එක ජාතියක් යන්න බවද පෙන්වා දුන් බාකීර් මාකර් මහතා විවිධත්වය රටක් දියුණු කිරීමට යොදා ගත හැකි ආකාරයට කදිම නිදසුනක් ‍ලී ක්වාන් යූ පෙන්වා දි ඇති බවද පැවසීය.
     
    ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා විසින් රචිත ගුවන් විදුලිය හා සන්නිවේදනයේ අරමුණු නැමති කෘතිය දොරට වැඩීමේ මෙම උත්සවයේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ඒ.එම්.ඕ. සොයිසා මහතා විසින් ග්‍රන්ථය පිළිබඳ විචාරාත්මක දේශනය සිදු කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya