අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ගොවීන්ට කඩිනමින් පොහොර සහනාධාර මුදල්

    ජූනි 30, 2017

    2017 යල කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගා කල ගොවීන්ට කඩිනමින් පොහොර සහනාධාර මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ  ජී.ජී. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

    දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියං තත්ත්වය නිසා වට 03 ක් යටතේ පොහොර සහනධාර ගෙවීමට තීරණය කර ඇති අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලේඛණ අනුව මහජන බැංකුව,  ලංකා බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු හරහා  මෙම මුදල් ගෙවීමට කටයුතු කෙරේ.

     

    කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි  පළමු අදියරේ දී  ගොවීන් 32,149 දෙනෙකු වෙනුවෙන්  කුඹුරු හෙක්ටයාර් 12975.37 ක් සඳහා රුපියල්  මිලියන 166.85 ක් මේ වන විට ගෙවා අවසන් කර ඇත.

     

    දෙවන අදියරේ දී ගොවීන් 8719 දෙනෙකු වෙනුවෙන් කුඹුරු හෙක්ටයාර්   4050. 99 ක් සදහා රුපියල් ම්ලියන 51.52 ක් ඉදිරි සතියේ දී බැංකු ගත කිරීමට නියමිතය.

     

    දැනට පවතින කාලගුණ තත්ත්වය යටතේ ඉදිරියේ දි වී වගා කලහොත් තුන්වන වටයක් යටතේ ද පොහොර සහනාධාර මුදල් ලබා දීමට පොහොර ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya