අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01 දා

    ජූනි 30, 2017
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරැණියන්ට රැකියා අවස්ථා හඳුන්වා දීම අරමුණු කරගනිමින්  මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01දා පෙ.ව 9.00 සිට 2.00 දක්වා නුවරඑළිය සිනිසිටා ශාලාවේ දී පැවැත්වේ.
     
    කම්කරු වෘත්තිය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනවිරත්න සහ රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැකියා පොළ සඳහා දේශීය රැකියා ආයතන, විදේශීය රැකියා ආයතන, වෘත්තිය පුහුණු අවස්ථා සපයන ආයතන ඇතුළු අයතන රැසක් සහභාගිවීමට නියමිතය.
     
    රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් හට තමාට ගැලපෙන රැකියා අවස්ථා සොයාගැනීම සඳහා මෙම දිස්ත්‍රික් රැකියා පොළ සඳහා සහභාගිවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  ඉල්ලිමක් කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya