අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාවගේ සම්ප්‍රදායික ගමන් මග වෙනස් කරනවා - ධීවර රාජ්‍ය ඇමති

    ජූනි 29, 2017
     
    නීල ආර්ථික වැඩපිළිවෙල යටතේ ධීවර ජනතාවගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කර වෙනත් රටවල ක්‍රියා පද්ධතීන් සහ තාක්ෂණික ඥානය යොදා ගනිමින් ධීවර ජනතාව ව්‍යාපාරිකයන් ධනවතුන් බවට පරිවර්තනය කර ඔවුන්ගේ සාම්ප්‍රදායික ගමන් මග වෙනස් කිරීමට සහ ධීවර අමාත්‍යංශය මඟින් රටෙහි ආර්ථිකයට ද මනා දායකත්වයක් ලබා දීමට අමාත්‍යංශය විසින් මේ වන විටත් තීරණ රැසක් ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරචිචි මහතා පවසයි. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයෙහි පැවැත් වූ  "දියවර අරුණ"  ධීවර ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
     
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙහි මූලික තේමාව වන්නේ "ආකල්ප වර්ධනය ජයග්‍රහණයේ මාවතයි" යන්නයි. 
     
    "දියවර අරුණ" ජාතික වැඩසටහනෙහි මූලික අරමුණ වන්නේ ඉදිරි අනාගතයේදී ධීවර ජනතාවගේ ජීවන මට්ටම නොසිතූ අයුරින් උසස් තලයටක ගෙන ඒම බවත් එහි  මූලික පියවර ලෙස මෙම ආකල්ප සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවත් පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ පාසල් දරුවන්ගේ සිට සියළුම ක්ෂේත්‍රයන්හි නියැලෙන්නන්ට මෙම ආකල්ප සංවර්ධනය අත්‍යාවශ්‍යය වන අතර  ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය ප්‍රජා මූලික සංවර්ධන වැඩසටහන් සේ ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායක වීම සිය අමාත්‍යංශයේ අරමුණ වන බවයි. 
     
    එහිදී සියලුම ධීවර නැංගුරම්පලවල් ජාතික ධීවර සමිතීන් වෙත හාරදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් අවසානයේ පාරිභෝගිකයාට අවශ්‍යය කල් ඉකුත් නොවූ පිරිසිදු මත්ස්‍ය වෙළඳපොලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම වැඩමුළුවෙහි මුඛ්‍ය දේශනය ප්‍රවීන දේශක චන්න කරුණාරත්න මහතා විසින් සිදු කළ අතර අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරුන්, නිලධාරීන්,ජාතික ධීවර සම්මේලනයේ නායකයින්, දිස්ත්‍රික් ධීවර නියෝජිතයින් සහ ධීවර ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya