මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැව්වල පෙඳ පාසි හා සැල්වීනියා ඉවත් කිරීමට එක් දිස්ත්‍රික්කයකට රු. මිලියන 05ක්

    ජූනි 29, 2017
    අභ්‍යන්තර ජලාශ හා වැව් 10,000ක් පමණ තිබෙන අතර ඉන් ඇතැම් වැව් විශාල ප්‍රමාණයක් සැල්වීනියා, ජපන් ජබර මෙන්ම  විවිධ පැලෑටි වර්ග හා පෙඳ හා පාසිවලින් වැසී ගොස් තිබේ. මේ නිසා එම වැව්වල මත්ස්‍ය වගාවන්ට බරපතල තර්ජනයක් එල්ල වී ඇති අතර, මත්ස්‍ය අස්වැන්න දිනපතා අඩු වෙමින් තිබෙන බව ධීවර ප්‍රජාව මැසිවිලි නඟන බව දිස්ත්‍රික් ලේකම්වරු තමන්ට පැමිණිළි කර ඇතැයි  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    එමනිසා එම වැව්වල ඇති සැල්විනියා ඇතුළු ආගන්තුක පැළෑටි වර්ග ඉවත් කර මත්ස්‍ය වාසයට සුදුසු පරිදි එම වැව් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 05 බැගින් දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් දුන්නේය. පළාත් ධීවර අමාත්‍ය සමුළුවේ දී ගන්නා ලද තීරණ අනුව ධීවර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ද රු. මිලියන 05ක් බැගින් ලබා දී ඇති නමුත්, ඒවා තවමත් අදාළ ව්‍යාපෘති සඳහා යොදවා  නොමැති නම් ඒවා ද මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ද අමාත්‍යවරයා වැඩිඳුරටත් උපදෙස් දෙනු ලැබීය.
     
    කෙසේ වුවද සැල්වීනියා හා ජපන් ජබරවලින් වැව් වැසී යාම නිසා මද වැස්සක දී වුවද වැව් වාන් දමන අතර, වැව්වලට මුදා හරින මත්ස්‍ය පැටවුන් වැව් වානෙන් පිටතට ගලා යන ජලය සමග ඇදී යයි. එමනිසා අපේක්ෂිත මත්ස්‍ය අස්වැන්න ඉළක්කය සපුරා ගැනීම බොහෝදුරට අවම වන අතර වැව් වාන් දමන විට මත්ස්‍ය පැටවුන්ට පිටවිය නොහැකි අන්දමට, වැව් වාන සුදුසු දැළක් දමා ආවරණය කළ හැකි අන්දමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට පැවසීය. මෙම කරුණු අමාත්‍යවරයා අනාවරණය කරන ලද්දේ පසුගියදා ධීවර අමාත්‍යාශයේ දී පැවැති ධීවර උපදේශක සභා රැස්වීමට සහභාගි වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya