අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයෑම් හා අධි අවදානම් කලාපවල ජනතාවට ස්ථීර නිවාස

    ජූනි 28, 2017
    නායයෑම් හා අධි අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට ස්ථීර නිවාස ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇති අතර දිස්ත්‍රික්ක 09ක පිහිටි නායයෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් සංඛ්‍යාව 14,680ක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන විසින් හඳුනාගනු ලැබ තිබේ. 
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 6418ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 3496ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1292ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 210ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 824ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 929ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 591ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 751ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 341ක් හඳුනාගෙන ඇත. 
     
    යුද හමුදාව, වෘත්තීය පුහුණු අමාත්‍යංශය හා නිවාස අමාත්‍යංශයේ දායකත්වය හරහා මෙම සියලු පවුල් සඳහා රුපියල් ලක්ෂ 12ක් වටිනා නිවසක් ඉදිකර දීමට රජය තීරණය කර ඇති අතර නිවසේ තක්සේරු වටිනාකම අනුම මුදල් වන්දියක් ද ලබාදීමට නියමිත යැයි ක්‍රීඩා අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
    මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ ව සිටින ජනතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජනතාව සමඟ සාකච්ඡා කර නිවැරදි තීන්දුවකට යා යුතුයි කියන මතයේ රජය පසුවන බවය. එම ව්‍යාපෘතියේ භූගත ජල මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 17ක් වන අතර එහි කිලෝමීටර් 12ක ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කොට ඇති අතර ඉතිරි කිලෝමීටර් 05ක ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. 
     
    අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පවුල් ආපදාවට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කර කඩිනමින් සුදුසු වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. 
     
    ඒ අනුව, එම පවුල් සඳහා ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් හා නිවසක් මිල දී ගැනීම සඳහා රජයෙන් මූල්‍යාධාර ලබා දීමටත්, එහිදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබා දීමේ හැකියාව සොයා බැලීමටත්, එම පවුල් නැවත අධි අවදානම් කලාපවල පිහිටි සිය නිවාසවල පදිංචිවීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීමේ අරමුණින් රජය විසින් මෙම තීරණයන්ට එළැඹ තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya