අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුදින යාත්‍රා නිපදවීමේ වැඩපිළිවෙළ යටතේ නිපදවූ ප්‍රථම යාත්‍රාව අද සාගරයට

    ජූනි 28, 2017
    ශ්‍රී ලංකාවේ ධීවර කාර්මිකයින් විසින් දැනට භාවිතා කරන ක්‍රඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා වෙනුවට අඩි 55ට වඩා විශාල, ධීවර කටයුතු සඳහා  සියලු නවීන පහසුකම් සහිත බහුදින ධීවර යාත්‍රා ලබාදීමේ වැඩපිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් අරඹන ලද අතර මේ යටතේ ඉදි කරන ලද ප්‍රථම බහුදින ධීවර යාත්‍රාව අද (28) මීගමුව වෙරළේදී  සාගරයට මුදා හැරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    ධීවර අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙළ යටතේ සියයට 50ක සහනාධාර යටතේ බහුදින ධීවර යාත්‍රා 10ක් ප්‍රථම අදියර යටතේ ඉදි කිරිමේ කටයුතු 2016 වසරේ නොවැම්බර් මස සිට අරඹනු ලැබීය.
     
    රාජ්‍ය ආයතනයක් වන සී- නෝර් පදනම විසින් මෙම බහුදින ධීවර යාත්‍රා නිපදවීම අරඹන ලද අතර මෙම එක් ධීවර යාත්‍රාවක වටිනාකම රු. මි. 70කි. ඉන් සියයට 50ක් වියදම රජය විසින් දරනු ලබයි. මෙ ධීවර යාත්‍රාවලින් මසුන් ඇල්ලීමේ දී දැල් භාවිතාවක් සිදු නොවන අතර, දැනට ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදය වන මරුවැල් හෙවත් Long line නැමැති පන්න ක්‍රමය භාවිතා කරයි. මසුන් ආරක්ෂිතව, ඔවුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන පරිදි ගබඩා කිරීමේ පහසුකම් මෙහි අන්තර්ගතය.
     
    දැනට මසුන් ඇල්ලීමේ දී පසු අස්වනු නාස්තිය සියයට 40කි.  සාගරයේ දී අල්ලා ගොඩට ගෙන එන මසුන්ගෙන් සියයට 40ක් පාරිභෝජනයට සුදුසු තත්ත්වයක නොපවතී. මෙම පසු අස්වනු නාස්තිය අවම කිරීම සඳහාත්, ජාත්‍යන්තර මුහුදේදී වැඩි මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීම සඳහාත්, විශේෂයෙන් අපනයනය ඉළක්ක කර ගනිමින් මත්ස්‍ය සම්පත් නෙලා ගැනීම සඳහාත්, මෙම බහුදින ධීවර යාත්‍රා නිපදවීමට පියවර ගන්නා ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya