අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් කළුතර ජනතාවට සහන සැලසීමට රු.මි. 260.5ක්

    ජූනි 28, 2017
    පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත් කළුතර දිස්ත්‍රික්කයේ  ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් මේ වන විට රුපියල් මිලියන 260.5 ක මුදලක්  වැය කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව තෙදිනක් සඳහා පිසු ආහාර  ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 173ක්ද,   සතියකට අවශ්‍ය වියලි සලාක ලබාදීම සඳහා රුපියල් මිලියන71ක මුදලක් ද වැයකර ඇත.
     
    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහහතර (14) තුළ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 427ක පවුල් 51256 ක්   ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූහ.
     
    මෙම ආපදාව හේතු කොටගෙන මිය ගිය පුද්ගලයන් 66 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 6.6 ක් වන්දි  මුදලක් ඔවුන්ගේ ඥාතින් වෙත පිරිනමා ඇත.
     
    ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ආවරණ වැඩසටහන යටතේ නිවාස හා ගෘහඋපකරණ හානි සඳහා රුපියල් 10000 ක අත්තිකාරම් වශයෙන් තවත් රුපියල් මිලියන 9.9 ක මුදලක් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මුදා හැර  තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya